සදකි නුඹ මට නම් සදකි නුඹ මට නම් අඳුරු අහසට එළිය ගෙන ආ හදවතේ දිලෙනා..... ඔබගේ හද ඈ නම් අඳුරු අහසේ සැඟව යන්නම් මා හද තැවුල් සඟවා..... පිපී රගදුන් මල් කුමුදු මුව මැලවිලා ගොස් මියැදිලා නේක ස්වරයෙන් ගීතිකා ගැයු විහඟ ගී අද නැතිවෙලා උන් පියඹලා සීත මදනල හමාගෙනවිත් හැරී ආපසු විසිරිලා හදෙහි සක්මන් කෙරු ඒ රුව ඈතකට ගොස් සැඟවිලා ඇගේ අතගෙන ලොගුවෙන් හැඩ වී ඇවිද යයි පලසේ මනාලයා වී ඇගේ අතිනත ගනී මතු දවසේ ඔබේ රුව මට හමු නොවේ යලි රොබරෝසි නිම්නේ ඔබේ මතකය සමනලයේ මම දමන්නම් රහසේ. - පියූ -